Login for faster access to the best deals. Click here if you don't have an account.

මන්නාරම නියමයි 01

Nov 8th, 2023 at 23:58   Services   Pita Kotte   44 views Reference: 4639

Location: Pita Kotte

Price: Contact us


මන්නාරම නියමයි - 01 තව ආසන 10යි

පෝස්ට් එක දාලා දවස් 2යි, 40න් 30ක්ම පිරුණා.

ටික කාලෙක නිහැඩියාවකින් පස්සෙ අපි අලුතෙන්ම සැලසුම් කරන මන්නාරම නියමයි - 01 සංචාරය

අලුත්ම අලුත් අත්දැකීම් එක්ක, ගොඩාක් දෙනා නොගිය පැත්තක් තමයි මන්නාරම කියන්නෙ...

මන්නාරමේ අනිත් පලාත්වල දැක ගැනීමට නොහැකි බූරුවන් ( Donkey's) දහසකට අධික ඝහනයක් ඇති බව අනුමාන කෙරෙනවා. ඔවුන් නිතරම මහාමාර්ග අසල අපිට දැක ගත හැකියි.

ඉතින් අපි යන්න හිතාගෙන ඉන්නෙ,

නොවැම්බර් 16,17,18,19 කියන දවස් 04 සහ රාත්‍රී 3.

අපිත් සමග සම්බන්ධ වෙන්න පුලුවන් 40 දෙනෙකුට විතරයි..

මෙවර අපි ඔබට උදෑසන , දිවා , රාත්‍රී ආහාර සපයන්නත් තීරණය කලා.ඉන් 90%ක්ම බුෆේ ක්‍රමයට ඔබට ලබාදෙන්න සැලසුම් කර අවසන්.

අපි යන තැන්..

මඩු පල්ලිය

ඩෙරික් බංගලාව

මන්නාරම ලන්දේසි බලකොටුව

බයෝබැබ් ගස

Donkey Clinic & Educational Centre

තලෙයි මන්නාරම දුම්රිය නැවතුම්පොළ

තලෙයි මන්නාරම ජැටිය.

තලෙයි මන්නාරම Light House

ආදම්ගේ පාලම ( මෙයට බෝට්ටු මගින් යෑමට නොහැක)

ආදම්ගේ සොහොන

මන්නාරම සුලං විදුලි උත්පාදන කුළුණු නැරඹීම

මෙම කාලය තුලදී සංචාරක පක්ෂියෙකු වන Flemingo කුරුළු විශේෂය මන්නාරම් ප්‍රදේශය තුල සැරිසරන අතර, එම සතුන් පැමිණියහොත් එම විරල අවස්තාවද ඔබට දැකබලා ගත හැක.

විල්පත්තු අභයභූමි සෆාරිය

අටමස්ථානය වැදපුදාගැනීම හා විශේෂිත මාර්ගෝපදේශනයක් යටතේ අටමස්ථානය පිලිබදව වෙනදාට වඩා දැනුවත් වීම.

ක්‍රියාකාරකම් 22කට ආසන්න ප්‍රමාණයක් අපි ආවරණය කරනවා.

අප ඉතා විශ්වාසනීය සේවාවක් සහ සුඛෝපභෝගී පහසුකම් සපයන දිවයිනේ ප්‍රමුඛ පෙළේ සංචාරක සේවා සපයන ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය තුල විධිමත් ලියාපදිංචි සමාගමක් වන බැවින්, මෙම සීමිත ආසන ප්‍රමාණයෙන් ඔබේ ආසනය දැන්ම වෙන් කරගන්න.

ඇතුලත් දේවල්

දිවයිනේ අති සුඛෝපභෝගීම බස් රථයක් මෙවර සංචාරයට ( පින්තූර බලන්න )

සුවපහසු , පිරිසිදු වායුසමීකරණය කරන ලද කාමර පහසුකම් ( අප නවාතැන් ගන්නා හෝටල් කාමරවල පින්තූර පමණක් ඇත.)

උදෑසන , දිවා, රාත්‍රී ආහාර පහසුකම්

වෘත්තීයමය මාර්ගෝපදේශනය

100% ආරක්ෂාව ( ඔබට තනිවම වුවත් කිසිදු චකිතයකින් තොරව සහභාගී විය හැක.)

ඇතුලත් නොවන දෑ.

ක්‍රියාකාරකම් සදහා ප්‍රවේශපත්‍ර ගාස්තු හා අනෙකුත් වියදම්

වතුර

Tips

ගාස්තුව

️ ගමනාගමනය,සියලු ආහාරපාන, දෙදෙනෙකු හෝ තිදෙනෙකු එක් කාමරයක් බෙදාගැනීමේ පදනම මත ,

එක් අයෙකුට Rs. 49,250/=

ඔබේ ආසනය වෙන්කරවාගන්න,දැන්ම අපිව අමතන්න .

0771436443

️0112804446

136 1/1 , පළමු මහල,

පරණ කැස්බෑව පාර,

ගංගොඩවිල

නුගේගොඩ